.

Aurvedic Medicine Food


කජු මදවලින් හදවත් රෝග අවදානම අඩු කරගන්න.



ඇත්තටම කජු කියන්නේ මිනිසාට වැලැ‍දෙන රෝග රැසකින් මිනිසාව මුදන අද්වීතීය ගුණ සපිරි ඖෂදයක් මෙහි ආයුර්වේද වෛද්‍ය ගුණයක් ද පවති.

කජු කියන්නේ තරමක් උෂ්ණ ප්‍රදේශවල හැදෙන මීටර් 10ත් 14ත් අතර උසකින් සමන්විත වෘක්ෂයකි. නිවර්තන කලාපයේ මේ පලතුර බහුල වශයෙන්  දැකගන්න පුලුවන්.

ඇතැම් අය තුළ මිත්‍යා මතයක් පවතිනවා කජු මදයේ යම් තෙල් සහිත බවක් තිබෙන නිසා එය මේදය සහිත ආහාරයක් කියලා නමුත් ඒ මතය සම්පුර්ණයෙන්ම වැරදියි. කජුවල පවතින මේදය ශරිරයට හිතකර මේදය මිසක් අහිතකර මේදයක් එහි නැහැ. කජු කියන්නේ හෘදයට ඉතාමත් හිතකර ආහාරයක් ඔබ දිනකට කජු මද ස්වල්පයක් ආහාරයට ගන්නවා නම් හෘදයාබාධ ඇතුලු හදවත් ආශ්‍රිත රෝග හටගැනීමේ අවදානම නැති වෙනවා වෙනත් ආහාරවලින් ගන්න බැරි ඛනිජ ද්‍රව්‍ය වන සින්ක් , මැංගනීස් වැනි පෝෂ්‍ය පදාර්ථ බහුලවම අඩංගු ඖෂදයක් තමයි කජු කියන්නේ. රසවත් වෑංජනයක්
, රසවත් බැදුමක් සාදා ගත් පසු කජු ඉතාමත් ගුණදායක ආහාරයක්. වරකදී අල්ලක් පුරවා කජු කනවා නම්


මල්ලක් පුරවා සතුට ලබන්න පුලුවන් ඒ තරමටම විටමින් පෝෂ්‍ය පදාර්ථ මෙහි අන්තර්ගතයි.

ඇස් පෙනීමේ දුර්වලතාවය මගහරවයි.

බොහෝ අයට වයසට යාමත් සමගම ඇස් පෙනීමේ දුර්වලතා ඇති වෙනවා නමුත් එසේ ඇස් පෙනීමේ දුර්වලතාවය ඇති අය දවසකට කජ මද කිහිපයක් බැගින් ආහාරයට ගන්නවා නම් එසේ නොමැතිනම් කජු වෑංජනයක් සතියකට වරක් හෝ ආහාරයට ගන්නවා නම් ඇස් පෙනීමේ ආබාධ සුව කරන්නත් පුලුවන්.


දියවැඩියාවට කජු මද ගුණයි.

දියවැඩියා රෝගයෙන් පෙළෙන අයට ලුණු ද්‍රවණයක ගිල්වු කජු පහුලන් කැබලි කිහිපයක් බැගින් දිනපතා ආහාරයට දෙනවා නම් ඒ රෝගයත් නිට්ටාවටම සුව කරන්න මෙය ගුණදායකයි. ඇතැම් අයට පරම්පරාගතව පැමිණෙන දියවැඩියා රෝගය සුව කරන්න කජු මද හොද ඖෂදයක් කියලා මේ වන විට පර්යේෂණ මට්ටමින් පවා තහවුරු වී තිබෙනවා.

පිත්තාශයේ ගල් දියකරයි.

පිත්තාශයේ ගල් ඇති රෝගින්ගේ ඒ රෝග තත්ත්වය මගහැර නිරෝගි කිරීමට කජු මද වෑංජනයක් ලෙස ගැනීම ගුණදායකයි.


පිළිකා සෛල නිසයි.

ඇතැම් පිළිකා  ඇති වීමේ අවදානම කජු ඖෂදය ගැනීමේන් වළක්වා ගත හැක බඩවැල ආශ්‍රිතව ඇති විය හැකි පිළිකා සෛල විනාශ කිරීමට කජු මදවල ඇති රසායනික සංඝටකවලට මනා හැකියාවක් පවතිනවා. විවිධ පිළිකා තත්ත්ව නිසා ශරිරය දුර්වල වන අයගේ සිරුර පුෂ්ටිමත් කරන්නත් කජුවලට පුලුවන්. පිළිකා රෝගයට ප්‍රතිකාර කරන අතරතුර දිනපතා කජු මද ආශ්‍රිත ආහාරයක් (කජු වෑංජනයක්, කජු බැදුමක්, කජු දලු මැලලුමක්, වියළි කජු මද) රෝගියාට දෙනවා නම් ශ‍රිරය දුර්වල වීම එමගින් සංසිදෙනවා.

 

අස්ථි  ආබාධ වලින් පෙළෙන අයට ගුණයි

අස්ථී ආබාධ වලින් පෙළෙන අයට කජු මද ආහාරයට ගන්නවා නම් නිසි සුවයක් ලබා ගන්නට පුලුවන්.


 පණු අමාරු රෝගයටත් ඉතාම ගුණදායකයි

පණු අමාරු රෝගවලින් පීඩා විදින අයට කජු  මදවලින් රසවත් වෑංජනයක් සාදාගෙන ආහාරයට දෙන්න පුලුවන්. පණු අමාරුව සුව කරන්න බෙහෙතක් වගේම එය රසවත් ගුණවත් වෑංජනයක්.

අතීතයේ කජු ගහේ පොතු තැම්බු වතුර බීම හරහා බඩ බුරුලින් යෑමට සලස්වා තිබෙනවා. කජු ගසේ මුල් කසායත් බඩ සුද්ද කිරීමට ඉතා ගුණදායකයි කියලා ආයුර්වෙදයේ සදහන් වෙනවා. ඒ වගේම දේශීය ග්‍රන්ථවල සදහන් ආකාරයට කජු දලු තැම්බු වතුර බීමෙන් කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග සුව කරන්නත් කජු දලු වෑංජනයක් ලෙස ආහාරයට ගැනීමේන් අර්ශස් රෝග තත්ත්වය සුව කරන්නත් පුලුවන්.

 කජු මද සහ කජු පුහුලම ඖෂදයක් බව, සුභවාදි ලෙස සිතමින් හැමෝටම දැන ගැනීම පිණිස මෙය ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පතකින් උපුටා ගන්නා ලදි.

Related Posts Plugin for WordPress, Blogger...

.

.

විවිධ රටවල් වලින් මෙම අඩවියට ආගිය අය

Flag Counter

Get free traffic to your web or blog

free web site traffic and promotion