
වටිනා ඖෂධය කරපිංචාය. මළබද්ධය නැති කිරීම සදහා ද කරපිංචා කැද ලෙස
ගැනිම සුදුසුය. එමගින් මළ තදව
ඝණවීම ලිහිල් කරයි අන්ත්‍රවල ජීවත් වන හිතකර බැක්ටිරීයා ආරකෂාවීම ද මෙමගින් සිදු
කරයි. කරපිංචා රුධිරය
පිරිසිදු කරන ඖෂධයක් ලෙස ක්‍රියා කරයි මෙමගින් රුධිරයේ වැඩි වී ඇති අනවශ්‍ය
විෂකොටස් මූත්‍රා මගින් පෙරා ගැනීම උත්තේජනය කරයි. රුධිර ගත ප්‍රෝටීන් ලවණ මෙන්ම නොයෙක් එන්සයීම වර්ගද
තිබීය යුතු සාමාන්‍ය මට්ටමේ පවත්වාගෙන යයි. මෙම හේතුව
නිසා නොයෙක් රෝගවලින් පීඩා විදින කාලවලදී
කරපිංචා කැදක් සේ යොදා ගත හැකිය. ඒ මගින්
රුධිරය පිරිසිදු කරන බැවින් රෝගය සුව අතට හැරේ ඇල්කොහොල් වැනි මත් ද්‍රව්‍ය සහ දුම්පානය
භාවිතා කරන අය නිතර කරපිංචා කැද බීම ද
නීරෝගිකමට හේතුවේ. (Boold Farifier) සමාජයේ දිර්ඝ කාලයක්
සිට භාවිතා කරයි.
කරපිංචා ශරිරයට අවශ්‍ය
ඛනිජ ලවණ මෙන්ම විටමින් ද සපයන මාධ්‍යක් වේ.
උදාරණ යකඩ Fe, සින්ක් Zn, ආදී ලෝහ වර්ග හා විටමින් A, B, D, සහ විටමින් E කරපිංචාවල අන්තර්ගතය. විටමන් A සහ D අන්තර්ගත බැවින් අස්ථී රෝගවලදි (උදා. - ostioporosis) අස්ථි පටක
වර්ධනයටද භාවිතා කළ හැකිය.
No comments :
Post a Comment