.

තුන් දොස් සමනය කරන සාරණ


කලවම් මැල්ලුමක් වගේම රසවත් ඇඹුලක් හැටියට සාදාගත් පසු සාරණ වලට හිමිවන්නේ සුවිශේෂි තැනක් ඒ පමණක් නොව සාරණ වල වටිනා ඹෟෂධීය ගුණයක්ද තිබෙනවා.
සාරණ ව්‍යංජනයක් ලෙස පිළියෙල කර රස නොබැලු කෙනෙක් නොමැති තරම් ඒ තරමටම වඩාත් ප්‍රසිද්ධයි කුඩා වැල් විශේෂයක් වන මෙහි කොළය පිටු පස සිනිදු බවක් දක්නට ලැබෙනවා. වගේම වර්ෂා කාලයේ ඉතා සීඝ්‍ර බෝවීමක් ඇති මෙහි සියුම් සුදුපාට කුඩා මලක්ද දැකිය හැකියි. 

වියළි කලාපීය ගම්බද නි‍වෙස් වල මිදුලේ ඉබේ වැඩෙන සාරණ වර්ග දෙකක් දක්නට පුඑවන් එනම් සුදු සාරණ සහ රතු සාරණ ලෙසයි සුදු පැහැති සාරණ පිට සුදු පළා යනුවෙන් ගැමියන් අතර ව්‍යාවහාර වෙනවා. මෙම සාරණ ඉතා ගුණදායි ඹෟෂධයක් ලෙස මෙන්ම ආහාරයක් හැටියට ද හදුන්වන්න පුලුවන් ඒ වගේම මෙහි රසායනික සංයෝග ගණනාවක්ද අඩංගු වෙනවා. තුන් දොස්  සමනය කරන

වටිනා ඔසුවක් වන මෙය තවත් රෝග ගණනාවකට ගුණදායි ඔසුවක් හැටියට සැළකීය හැකියි.
සාරණ වල පංචාංගයම බෙහෙත් සදහා  පාවිච්චියට ගන්නවා ඉන් බහුලවම භාවිතා කරන්නේ මුල්ය මළබද්ධයට ද ඉතා ගුණදායි අධික මාත්‍රවෙන් ගත් විට වමන කාරක ගුණයෙන් යුක්තයි.

ආයුර්වේදයේ පැරණීතම ග්‍රන්ථයක් වන  වෘද්ධසාරං ගධර යේ සාරණ ගැන ඉතා ඉහළින් වර්ණනා කර තිබේනවා. එහි විශේෂයෙන් සදහන් කර තිබෙන්නේ ඇස් වල පෙනීම වර්ධනය කිරීම සදහා සාරණ කොළ එළගිතෙලෙන් බැද කෑමට ගත යුතු බව දන්වා තිබෙනවා.

ඒ පමණක් නොව මෙම සාරණ මුත්‍රා රෝග බෙහොමයකට ගුණදායකයි. සාරණ ආහාරයට ගැනීමේන් මුත්‍රා පෙරීම පහසු කරවන නිසා වුත්‍රා දැවිල්ල මුත්‍රා අඩස්සිය වැනි රෝග ඇති වන්නේ නැහැ. තවද නිරක්තය, හිසරදය, සෙංගමාලය, දද, පණු කැවිලි වැනි සමේ රෝග වලට සුවය ලබාදෙයි. විවිධ විෂ  සහිත සතුන් දෂ්ට කිරීම නිසා ශරිරගත විෂ මැඩලීමට ද සාරණ භාවිතා කරයි සර්ප ද්‍යෛවරුන් විසින් සර්ප විෂටත්, මී විෂටත් ප්‍රතිකාර කිරීමේදි සාරණ යොදාගනී.

උපදෙස් - ආයුර්වේද පොතපත  ඇසුරිනි
 




No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

.

.

විවිධ රටවල් වලින් මෙම අඩවියට ආගිය අය

Flag Counter

Get free traffic to your web or blog

free web site traffic and promotion